රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි

රේගු නිලධාරීන්ගේ  (15) උදෑසන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

වසර 04ක් පුරා ප්‍රමාද කර ඇති උසස්වීම් කඩිනමින් ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ හේතුවෙන් බහාලුම් නිශ්කාශන කටයුතු වලට බාධා එල්ල විය හැකි බවයි රේගු නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති ගීතාංජන මඩපාත සඳහන් කළේ.