ප්‍රදේශ රැසක වායු ගුණාත්මක බව පහළට – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

බාහිරින් හමා එන සුළංවල පවතින දූෂණ කාරක නිසා දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය තුළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් හා ශ්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට මෙම තත්ත්වයෙන් යම්කිසි සෞඛ්‍යමය හානිකර තත්ත්වයක් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ E.L.M  උදයකුමාර පවසා සිටිනවා.

සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් මුව ආවරණ පැළඳීම සිදුකරන ලෙසත්, විවෘත පරිසරයේ රැදී සිටීමෙන් වැළකෙන ලෙසත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.