කවුරු මොනවා කිවුවත් රාජපක්ෂ කඳවුරේ සිටගත් ජනතාව ජාතික වීරයින් – තිස්ස කුට්ටිආරච්චි

කවුරුන් අවලාද නැගුවද රාජපක්ෂ කඳවුර සමඟ සිටගත් ජනතාව ජාතික වීරයින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

සමහරුන් පොහොට්ටුවේ රැස්වීම්වලට යාමට ලැජ්ජාවක් නොමැති දැයි ප්‍රශ්න කරන බවත් ආර්ථික ඝාතකයින්, තරුණයින්ගේ සිහින විනාශ කළ පිරිස් සිටින්නේ පොහොට්ටුවේ බවට සඳහන් කරමින් විවිධ අවලාද නැගූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලැජ්ජා විය යුත්තේ සමගි ජන බලවේගයද, නැතහොත් නිවන් සුව ප්‍රාර්ථනා කරන ජාතික ජන බලවේගයේ පිරිස්ද යන්න ගැටලුවක් බවයි තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.