SL vs AFG T20 : පළමු තරඟයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය අවසන් වෙයි

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය සදහා වන ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව පළමු විස්සයි විස්ස තරගය වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ප්‍රවේශ පත්‍ර කවුළු වෙත නොපැමිණෙන ලෙසයි ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

දෙරට අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස තරගය එළඹෙන 17 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.