විධායක ජනාධිපතිකම අහෝසි කිරීම ජනාධිපතිවරණය කල් දාගන්න කරන උගුලක් වෙන්නත් පුළුවන් – මහින්ද

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කළහොත් එය හොඳ කටයුත්තක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනව‍ා.

රට ප්‍රකාශ කරන්නේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස බවයි හිටපු ජනාධිපතිවරයා (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙය ජනාධිපතිවරණය කල් දමා ගැනීමට සිදුකරන උපක්‍රමයක් බවට විපක්ෂයෙන් සඳහන් කරන බවත් ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ මතය කුමක්ද යන්නයි.

එයට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ ගැන හොඳින් දන්නා බවත්, එය විය හැකි කරුණක් විය හැකි බවයි.