මැතිවරණ නිලධාරින් හා දේශපාලන පක්ෂ අතර 21 වනදා සාකච්ඡාවක්

දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ නිලධාරින් අතර සාකච්ඡාවක් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ වියදම් නියාමන පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ.

ඉදිරි මැතිවරණයේදී පනත සක්‍රීය ‍ලෙස ක්‍රියාත්මක කිරීමට පවතින බාධා හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සාකච්ඡාවේදී දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීමටද නියමිත බව සඳහන්.