පසුගිය වසරේදී ළමා අපයෝජන සිද්ධීන් ගැන පැමිණිලි 9000ක් – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් වූ පැමිණිලි 9,000කට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසරේ දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසනවා.

ඒ අනුව 2023 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 9,434ක් ලැබී ඇති බවයි ඔහු පවසන්නේ.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විටත් අදාළ අංශ වෙත යොමුකර ඇති බවත්, ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා දැනට පවතින ඇතැම් නීති සංශෝධනය කිරීමට ද සාකච්ඡා සිදුකරමින් පවතින බවත් සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.