තෙත් කලාපයේ පුරන් කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු වලට ලබාදෙනවා – කෘෂිකර්ම අමාත්‍යාංශය

තෙත් කලාපයේ ඇති පුරන් කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

තෙත් කලාපයේ කුඹුරු ඉඩම් රැසක් වී වගා කිරීමට නොහැකිව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරන්නේ.

අයවැය යෝජනාවක් ලෙස එම ඉඩම් වෙනත් වගාවන් හා සත්ත්ව පාලනය සඳහා මුදා හැරෙනු ඇති බවද, ලබන මාසයේ සිට ඒ සඳහා පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ඒ අනුව තමන් අයත් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයට ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් වගාව සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.