ගතවු පැය 24 දී සැකකරුවන් 708ක් දැලේ

ගතවු පැය 24 තුළ යුක්තිය මෙහෙයුමට සමගාමීව දිවයින පුරා සිදු කළ මෙහෙයුම් වලින් සැකකරුවන් 708 ක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශ සදහන් කරයි.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 551 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 157 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 551 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 10 ක් සහ පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කල පුද්ගලයින් 01 ක් සිටි.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 157 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 37 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 93 ක්, අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 21 ක් සහ ඇගිලි සටහන් මගින් හදුනාගන්නා ලද සැකකරුවන් 06 ක් සිටි.