අල්ලස් ලබාගත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකුට අධිකරණයෙන් දඬුවම්

අල්ලස් චෝදනා එල්ල වූ වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකුට වසර දෙකක බරපතළ සිර දඬුවම් නියම කර එය වසර 5කට අත්හිටුවීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

2019 වර්ෂයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ වැටලීමකදී සැකකාර ධාවන කළමනාකරු විසින් එම කොමිෂන් සභාවේ උපාය දූතයෙකු ඉදිරියේ රුපියල් 100,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.

සැකකරුට චෝදනා 04ක් යටතේ අධිචෝදනා කර තිබුණු අතර, අධිකරණය විසින් සැකකරුට එක් එක් චෝදනාවට රුපියල් 5000 බැගින් රුපියල් 20,000ක දඩයක් ද, දඩය නොගවන්නේ නම් අදාළ වසර 2ට අමතරව තවත් මාස 6ක ලිහිල් සිර දඬුවමක් ද නියම කළා.