මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වෙනත් රටවල මැතිවරණ ක්‍රම අධ්‍යයනයට

ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනය කර මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ගත හැකි ආදර්ශ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පියවර ගත් බව මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පවසනවා.

මේ සඳහා ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව, බ්‍රිතාන්‍යය, ස්විට්සර්ලන්තය හා ඇස්ටෝනියාව යන රටවල මැතිවරණ ක්‍රම අධ්‍යයනය කරන බවයි එහි ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර සඳහන් කරන්නේ.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හා සංවිධානවලින් යෝජනා 60කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවත්, එම යෝජනා අධ්‍යයනය කිරීම ආරම්භ කර ඇති බවත් ලේකම්වරයා පවසා සිටියා.

එසේම සංවිධාන කිහිපයක නියෝජතයින් සමග  මේ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමටද කොමිසම කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.