පනත සම්මතයි, නැවත මේ රටේ කිසිවෙකුට මඩ ගහන්න බැහැ – ආශු මාරසිංහ

Online Safety පනත කථානාකවරයා අත්සන් කළ දිනයේ සිට බලාත්මක වන බව ජනාධිපති උපදේශක ආශු මාරසිංහ පවසනවා.

ඒ අනුව ඊට අදාළ කොමිෂන් සභාව නුදුරු දිනයකදී පත්වනු ඇති බවද ඒ හරහා පැමිණිලි විභාග කිරීමේ හැකියාව ඇති බවද  (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළා.

නැවත මේ රට තුළ කිසිවෙකුට මඩ ගැසීමට, පෞද්ගලිකව අපහාස කිරීමට හෝ අපහාස ප්‍රචාරය කිරීමට හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.