කෙහෙළිය අද යළි අධිකරණය වෙත

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (15) යළි මාලිගාකන්ද මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය 2 වනදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණා.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළා.