Online Safety පනත ගැන සමන්තා පවර්ගෙන් ජනපතිට ඉල්ලීමක්

USAD ආයතනයේ පරිපාලක සමන්තා පවර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ අනුව නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ රැස්වීම යන අංශ කෙරෙහි අමෙරිකාව සිය සහාය දෙන බවයි ඇය එහිදී පෙන්වාදී තිබෙන්නේ.

Online Safety පනත ගැන මතුව ඇති ගැටලු සහ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇතිවන බලපෑම සම්බන්ධයෙන් සොයා බලන ලෙසත්, එම පනත මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන ලෙසයි ඇය එහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

මෙරට ආර්ථික අභියෝගයන් ජයගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවද ඇය එහිදී පොරොන්දුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.