විදුලි බිල, ඉන්ධන මිල අඩු කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි – නාමල්

රටේ ආර්ථිකය සෑදීම සඳහා ගමේ ආර්ථිකය ශක්තිමත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අද වන විට ඇති අසීමිත බදු ප්‍රතිපත්තියත් සමඟ ගමේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුව ඇති බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

විදුලි බිල, ඉන්ධන මිල සම්බන්ධයෙන් ගම්වල විවේචන ඇති අතර එය අඩුවිය යුතු බවට පක්ෂයක් ලෙස විශ්වාස කරන බවත් එය අඩු කිරීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.