මගේ ඉලක්කය ලෝකයෙන්ම හොඳම පිතිකරුවා වීම – පැතුම්

තමාගේ ඉලක්කය ලෝකයේ හොඳම පිතිකරුවා වීම බව ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක පවසනවා.

ඒ අනුව ඒ සඳහා උපරිමයෙන් වෙහෙස වන බවයි ඊයේ (14) පැවති තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ පිතිකරණය, පන්දු යැවීම පන්දු රැකීම හොඳම ආකාරයෙන් සිදුවීම නිසා බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැතුම් නිස්සංක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.