බිලියන 5ක් නෑ කියලා ඡන්දෙ කල් දැම්මා, ජනාධිපති මේ ටික කාලෙට විදේශ සංචාර 22ක් ගිහින් – ඩලස්

මුදල් නොමැති බවට පවසමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සිදුකළ ආකාරයෙන් අනෙක් මැතිවරණවලටද ඒ දේම සිදු කිරීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

බිලියන 5 ක් නොමැති බවට පවසමින් මැතිවරණය කල් දැමීම සිදුකළ බවත්, නමුත් ගතවූ කාලය තුළ ජනාධිපතිවරයා විදෙස් සංචාර 22 ක් ගොස් ඇති බවයි (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම සංචාර සඳහා මැතිවරණයට යන වියදමට වඩා වැඩි වියදමක් ගොස් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් පවසන්නේ.