පක්ෂ නායකත්වය භාරගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ – චන්ද්‍රිකා

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය භාරගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිදු අපේක්ෂකයෙකුට සහාය ලබාදීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වාදෙන්නේ.

විවිධ ජනපති අපේක්ෂකවරුන්ට ජනාධිපතිවරණයේ දී සහාය ලබාදීමට තීරණය කර ඇති බවට ජනමාධ්‍යවල පවතින වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

news images