හිතට දැනෙන අපූරු කතාවකින් ‌දිගහැරෙන මින්නු 24 දා සිට තිරගතවේ.

ඉහළ මධ්‍යම පන්තියේ බැතිමත් කතෝලික පවුලක එකම සුරතලිය වූ අවුරුදු 8ක් වයසැති “මින්නු” ට තම ජීවිත කාලයෙන් හරි අඩකටත් වඩා ගෙවා දමන්නට සිදුවන්නේ ඇගේ සොඳුරු ශරීරය ආක්‍රමණය කර ඇති ලියුකේමියා රෝගී තත්වය සමගිනි.

අපූරු ගත පැවතුම් ඇති සේම දැඩි අධිෂ්ඨානයකින් හෙබි කුඩා මින්නු, හැකි ඉක්මනින් තම රෝගී තත්වය අකාමකා දමා ජීවිතය ජයගැනීමේ උනන්දුවෙන් යුතුව ජීවත්වෙයි.

ජීවිතයේ යෞවනයේ සොඳුරු චමත්කාරය වන්දනා කරන “සුඛිත”, අපට මුලින්ම හමුවන්නේ ඔහුගේ 25 වන උපන්දිනය වෙනුවෙන් සංවිධානය වූ ඉතා වර්ණවත් රාත්‍රියකදීයි.
සුඛිතගේ කාර්යාලයේ කලණ මිතුරියක වන “සරණි” සේම කාර්යාලයේ මිතුරු මිතුරියන් පිරිසත්, සුඛිතගේ මව හා පියාත් පවුලේ සමීපතම මිතුරිය වන තර්ෂණාත් එක්වන මේ අපූරු රාත්‍රිය අවසානයේදී සුඛිත ද රුදුරු පිලිකා රෝගයකින් පීඩා විදින බව හෙලිවෙයි.
ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීමෙන් පසු සුඛිතට අහම්බෙන් මෙන් හමුවන, ජීවන ගමනේ දරිද්‍රතාවයේ පත්ලේම ගිලී ගිය වයස අවුරුදු 22ක් වන, අදහාගත හැකි නොවන ගති පැවැතුම් රැසකින් පිරි “පූර්ණිමා” දෙස සුඛිත පුදුමයට පත්ව බලා සිටී. මෙතෙක් තමා අත් නොදුටු සැබෑ ජීවන අරගලය පිලිබඳව නිරන්තරයෙන් පූර්ණිමාගෙන් ඉගෙනුම ලබයි.
තම හිසේ ඇති පිලිකාව සුව වූවත් ඒ බව වෛද්‍ය වාර්ථාවල සඳහන් නොකරන මෙන් නිරන්තරයෙන් අදාල පාර්ශවයන්ගෙන් කාරුණිකව ඉල්ලීම් කරන පූර්ණිමා, රෝහල්ගතව ජීවත්වීමට ලැබීම මෙන්ම තම හිස ඇති පිලිකාවද තමාට වාසනාව ගෙන ආ බව නිරන්තරයෙන්ම සිනාමුසුව පවසයි.
සැබෑ සමාජ ස්ථරයන් තුනක් මෙන්ම, වයස් පරතරයන් තුනක් නියෝජනය කලද ජීවිත ජීවත්කරවීමේ සටනේදී තිදෙනාම අපූරු යහළුවන් බවට පත්වෙති.
මේ අපූරු යහළුවන් තිදෙනාට මැදිවෙන සුඛිතගේ කලණ මිතුරිය වන සරණිද, සැබෑ ජීවිතය හඳුනාගනිමින් මේ අපූරු යහළුවන් තිදෙනාටම යලි ජීවිතය ලබාදීමේ සටනට එක්වෙයි.
අසෝක අතාවුදහෙට්ටි

මින්නු රංගන ශිල්පීන්

හර්ෂ තෙන්කෝන්
මේනකා පීරිස්
තිසරි වත්සලා
සෙනංගා කැප්පෙටිපොල
චාන්දනී සෙනවිරත්න
වසන්ත කොටුවැල්ල
වීණා ජනකොඩි
දිල්හානී අශෝකමාලා
ගයනි ගිසන්තිකා
නීතා සමරනායක
කෞශල්‍යා ප්‍රනාන්දු
සුජානි මේනකා
අයිරාංගනී සේරසිංහ
ජයනි සේනානායක
ලක්ෂ්මන් මෙන්දිස්
විශ්වජිත් ගුණසේකර
දසුන් පතිරන
මංගල ප්‍රනාන්දු
මජිත් එස් උයන්ගොඩ
සුජිත් ගුණරත්න
හොෂානි ගුණසේකර

ගේය පද රචනය

මිටියාවතට උඩින් පෑයූ සඳ – සම්මානීය මහාචාර්ය සුනිල් ආරියරත්න
රෑනක සියොතුන් වගේ – ආචාර්ය සෝමරත්න දිසානායක
මලක් උනේ ඇයි නුඹ මට – සමන් අතාවුදහෙට්ටි

සංගීතය
මිටියාවතට උඩින් පෑයූ සඳ – සුරේෂ් මාලියැද්ද
රෑනක සියොතුන් වගේ – ආචාර්ය රෝහණ වීරසිංහ
මලක් උනේ ඇයි නුඹ මට – කළණි පෙරේරා

ගායනා
මිටියාවතට උඩින් පෑයූ සඳ – සුරේෂ් මාලියද්ද
මලක් උනේ ඇයි නුඹ මට – අමරසිරි පීරිස් / චම්පිකා එදිරිසිංහ
රෑනක සියොතුන් වගේ – හිරුණි නිමේෂිකා වෙල්ගම

මින්නු ශිල්පීන්
කැමරා අධ්‍යක්ෂණය – විශ්වා බාලසූරිය
සංස්කරණය – අජිත් රාමනායක

ශබ්ද පරිපාලනය – අරුණ කලුආරච්චි
සහය – පුබුදු ධනංජ
වර්ෂ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
සහය අධ්‍යක්ෂණය – වර්නන් අබේසිංහ
තෙවන සහය අධ්‍යක්ෂණය – චානක නිරෝෂන්
නර්තන නිර්මාණය – සංක අබේසිංහ
වේශ නිරූපනය – නාරද තොටගමුව
විදුර අබේධීර
කොණ්ඩා සැකසුම් – තුෂාර විදානගමගේ
කලා අධ්‍යක්ෂණය – කුමාර කරව්දෙණිය
සහය කලා – දිමුතු ප්‍රියජනක
මනෝජ් වික්‍රමසිංහ
සමන් ශ්‍රී නාරායන