මම වගේ රට සංවර්ධනය කරන්න කිසිවෙකුටත් බැහැ – සජිත්

තමා මෙන් රට සංවර්ධනය කිරීමට මෙරට සිටින කිසිදු දේශපාලන නායකයෙකුට නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කවුරුන් මාධ්‍යයට සුන්දර කතා පැවසුවද, දේශීය විදේශීය වශයෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 90 ක් ණය බවත්, ඒ සඳහා අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයට යා යුතු බවයි උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.

රට බංකොලොත් කළ පිරිස ඒ සඳහා වන්දි ගෙවීමට සූදානම් වන ලෙසත්, ඒ සඳහා නීතිමය පියවර ගනිමින් ඇති බවත්, මෙරට සිටින කිසිඳු දේශපාලඥයෙකුට සජිත් ප්‍රේමදාස සමඟ රට සංවර්ධනය කිරීමට හැකියාව නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.