බූස්ස බන්ධනාගාරයේ පොළොව යට සඟවා තිබූ ජංගම දුරකථන උපාංග අත්අඩංගුවට

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පොළොව යට සඟවා තිබූ ජංගම දුරකථන හා දුරකථන උපාංග කිහිපයක් පොලිස් වි‍ශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශයේ A හා D වාට්ටුවල කළ හදිසි සෝදිසි කිරිමකදී පොළොව අභ්‍යන්තරයේ සූක්ෂම ලෙස සඟවා තිබුණු මෙම උපාංග සොයාගෙන ඇති බව සඳහන්.

මෙම සෝදිසි කිරීමේදී ස්මාර්ට් දුරකතනයක්, කුඩා ජංගම දුරකථන 02 ක්, සිම්පත් 04 ක්, මෙමරි චිප් 01 ක්, පිටත ආවරණ ඉවත් කරන ලද දුරකථන චාජර් 02 ක්, ඩේටා කේබල් 02 ක් ඇතුළු උපාංග සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.