නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ

නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ වනවිට රාජ්‍ය සේවයේ ග්‍රාම නිලධාරී පුරප්පාඩු ‍2800 ක් පමණ පවතින බවත්, ඒ අනුව ග්‍රාම නිලධාරීවරුන් 2100 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සඳහන් කළේ.

මෑතකදී පවත්වන ලද ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමට අදාළ තරග විභාගයේ ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණවලට කැඳවීම් ලිපි යොමු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.