SL vs AFG 3rd ODI : කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගය අද (14) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය කණ්ඩායමට කැඳවා තිබෙනවා.