2024 වසරේ විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් දැනුම්දීමක්

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ පැවැත්වෙන 2023 සාමාන්‍ය පෙළ විභාගය මැයි – ජූනි මාසවල පැවැත්වීමට නියමිත බවත්, උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එසේම 2025 වසරේ පළමු පාසල් වාරය 2025 ජනවාරි 02 වනදා ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත වැඩිදුරටත් සඳහන් කරනවා.