බෙලිඅත්ත සමූහ ඝාතනයේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

බෙලිඅත්ත සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

එහිදී (13) අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් යළිත් පෙබරවාරි 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වාර්තා වෙන්නේ.

තංගල්ල අධිකරණයේ පැවැති නඩු කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පසුගිය මස 22 වනදා ඝාතනය කර තිබුණා.