කොළඹ, මෝදර වෙඩි තැබීමක්

මෝදර ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් අවන්හල් තුවාල ලැබුවා.

කොළඹ, මෝදර පොලිස් වසමේ මෝදර වීදිය ප්‍රදේශයේ දී ඊයේ(13) රාත්‍රීයේ අවන්හලක් අසළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත.

මෙම වෙඩි තැබීමෙන් අදාළ අවන්හලේ කළමනාකරුවෙකු තුවාල ලබා ඇති අතර ඔහු 51හැවිරිදි අයෙකි.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් අවන්හල් පිවිසුම ආසන්නයේ රැඳී සිටි මෙම පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් තිබේ.

වෙඩි තැබීමට යොදා ගෙන ඇත්තේ පිස්තෝලයක් බව පොලිසිය පවසයි.

තුවාල ලැබු පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනෙ අතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකය.