ආර්ථික සංවර්ධනය ආසියාවේ ඉහළම තැනකට ගෙනිච්ච නායකයාගේ දර්ශනය වැරදියි කියන්න අපි ඉඩ දෙනවාද? – සාගර කාරියවසම්

රටට වරායවල්, ගුවන් තොටුපළවල් නිර්මාණය කළ, මහින්දෝදය විද්‍යාගාර සාදා දරුවන්ගේ අනාගත නිර්මාණය කළ, ආර්ථික සංවර්ධනය ආසියාවේ ඉහළම තැනකට ගෙනගිය නායකයා වැරදිකාරයෙක් කිරීමට හෝ එතුමන්ගේ දර්ශනය වැරදි යැයි කීමට ඉඩ ලබාදිය යුතුද යන්න ගැටලුවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

ඒ අනුව එම බොරුවට එරෙහිව බිය නොවී ඉදිරියට පැමිණ මුහුණදීමට කාලය පැමිණ ඇති බවත්, එසේ සිදුකළ යුත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පමණක් නොව රට විනාශ කිරීම නැවැත්වීම සහ රටේ අනාගතය වෙනුවෙන් බවයි බියගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.