අපි මුඩු බිමක්ව පැවති රට වැඩ බිමක් බවට පත් කළා – නාමල්

රී ලංකා පොදුජන පෙරමුණ විසින් මුඩු බිමක්ව පැවති රට වැඩ බිමක් බවට පත් කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කාලයේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වඩා වැඩ කරන තත්ත්වයකට පත් කළ බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එදා මෙරට ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති ඇතැම් පිරිස් විහිළුවකට ලක්කළ බවත්, ඒ තුළින් ඔවුන් මාධ්‍යවල යම් අවකාශයක් ලබා ගැනීමට උත්සාහ කළද, සත්‍ය වශයෙන්ම සිදුවූයේ ඔවුන් විසින්ම ඔවුන් විහිළුවකට ලක් කර ගැනීම බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.