රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව එම දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබන බවත්, ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යමින් පවතින අතර එම ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
ඒ සඳහා බියගම උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අක්කර 7යි රූඩ් 3ක් වන ඉඩම් කොටස් දෙකක් අත්කරගෙන මූලික යටිතල පහසුකම් සැලසීමෙන් අනතුරුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒ්කාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.