NMRA අධ්‍යක්ෂ ධුරයෙන් නීතිඥ මනෝජ් ගමගේ ඉල්ලා අස්වෙයි

නීතිඥ මනෝජ් ගමගේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු අද (13) දින සිට එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ වෙත ලිපියක් මඟින් එය දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.

තමා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකුව සිටින කාලයේ දී ආයතනයේ උන්නතිය වෙනුවෙන් නීතිඥයෙකු ලෙස හැකි උපරිමයෙන් කටයුතු කළ බවත්, අධ්‍යක්ෂවරයෙකු ලෙස ආයතනය තුළ පැවති අඩුපාඩු ගණනාවක් සම්පුර්ණ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස නිසි තීන්දු තීරණ ගත් බවයි ඔහු සිය ලිපිය මඟින් පෙන්වා දෙන්නේ.

අදාළ ලිපිය පහතින්.

news images news images news images news images news images