විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හොඳ දෙයක්, එය කළ යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුවයි – රවී කරුණානායක

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඉතාමත් හොඳ කටයුත්තක් බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පවසනවා.

නමුත් එය සිදුකළ යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුව බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.

එසේ නොමැති වුවහොත් මෙය මැතිවරණය කල් දැමීම යන ස්වරූපයෙන් පැමිණෙන පිළිතුරක් බවත්, එවැනි දෙයක් මෙවැනි අවස්ථාවක අසා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.