විදුලි ගාස්තු සංශෝධනය මාර්තුවට පෙර සිදුකරනවා – මහජන උපයෝගීතා කොමිසම

මෙම වසරේ මාර්තු මාසය වීමට පෙර විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

මහජන අදහස් විමසීමෙන් අනතුරුව, කොමිසම රැස්වී ගාස්තු අඩු කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි එහි සභාපති මංජුල ප්‍රනාන්දු සඳහන් කළේ.

ඊට අදාළව වාචික අදහස් ලබා ගැනීම් අනිද්දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදුකරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.