දිනකට පුද්ගලයන් 400 ක් පමණ බන්ධනාගාරගත වෙනවා – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

දෛනිකව බන්ධනාගාරගතවන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පවසනවා.

ඒ අනුව, දෛනිකව පුද්ගලයින් 400 ක් පමණ බන්ධනාගාරගත වන බවත්, මේ වනවිට බන්ධනාගාරගතව සිටින මුළු රැඳවියන් සංඛ්‍යාව 30,000 ක් ඉක්මවන බවත් ඔහු සඳහන් කරනවා.

පවතින තත්ත්වය තුළ බන්ධනාගාර ආශ්‍රිතව ඇති තදබදය කළමනාකරණය කරගනිමින් සිරකරුවන් රැඳවීමට පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ.