ජනාධිපතිවරණය නියමිත කාලසීමාව තුළ පැවැත්වෙනවා – PMD

නියමිත කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරනවා.

එමෙන්ම වත්මන් කාලරාමුවට අනුව මහ මැතිවරණය ලබ​න වසරේදී පැවැත්වෙනු ඇති බවද, 2025 වර්ෂයේ අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශ්‍ය දැනුම් දෙනවා.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු බවද, අවශ්‍ය විටදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරනු ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.