මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ පොලිස් මුරපොළේ සිටි නිලධාරීන්ට ස්ථාන මාරු

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළ පිහිටුවා ඇති පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ අලුයම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සිදුවූ මුදල් කොල්ලකෑම හා වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සිදුකරන විමර්ශනවලට අදාළව පොලීසිය මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.