Latest posts

All
technology
science

සෙවනගල උක්අස්වැනු නෙළීම ඇරඹෙයි

ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්තායතනයේ 2024 වර්ෂයේ දෙවන ඇඹරුම්වාරය (18)  ආරම්භ විය ඒ අනුව උක්අස්වැනු නෙළීම පෙ.ව 10.23 යෙදුනු සුභ මොහොතින් සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදුකෙරිණි. ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන්ගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් වජිර කුමාරතුංග,සෙවනගල ඒකකයේ මෙහෙයුම් නිලධාරී කැළුම් ප්‍රියංකර ලියනගේ  ප්‍රධානත්වයෙන් උක්ගොවීන් සහ…

Read More

නීති විරෝධී ධීවර කටයුතු කළ ධීවරයින්ට වැඩ වරදියි

මුලතිව් ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි ධීවරයින් හත් දෙනෙකු හා ඔවුන්ට අයත් බෝට්ටු පහක් නවික හමුදාව විසින් (18)අත් අඩංගුවට ගෙන තිබේ. මේ පිරිස මුලතිව් වට්ටුවාකල් ප්‍රදේශයේ මසුන් මරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගත් ධීවරයින් හත් දෙනාම මුලතිව් ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් හා ඔවුන්ගේ යාත්‍රා ඇතුළු ධීවර ආම්පන්න නාවික…

Read More

අධ්‍යාපන පරිපාලන සේවා තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීම සදහා පසුගිය වසරේ පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල අද (19) නිකුත් කර තිබේ. විභාගය සමත් වු අයදුම්කරුවන් 735 දෙනෙකුගේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk වෙබි අඩවියට ඇතුලත් කර ඇත. මේ අතරින් ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ලැබූ 440 දෙනෙක් අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීමට නියමිතය.

Read More

කන්දකාඩු ගොවිපොළේ වගා කටයුතු ඇරඹීමට ලැබුණු අනුමැතිය

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව කන්දකාඩු ගොවිපොළේ වගා කටයුතු ඇරඹීම සඳහා පරිසර ඇගයුම් වාර්තාවේ අනුමැතිය ලැබේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව කන්දකාඩු ගොවිපොළේ ඉඩම් උපයෝගී කර ගනිමින් සත්ව ආහාර සදහා බඩඉරිඟු වගා කිරිමේ ව්‍යාපෘතියක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබීය. නමුත් මේ සඳහා පරිසර ඇගයීම් වාර්තාව ලබා දීමට…

Read More

SSW වීසා යටතේ ජපන් සිහින සැබෑ කරගන්න මේ සති අන්තයේ මන්නාරමට එන්න

සකුරා මල් පිපෙන ජපානය, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුගේ සිහින රාජ්‍යය බවට පත්වී ඇත. ඒ අනුව ජපානයේ ඉහළ වැටුපක් ලැබීමට අවකාශය සලසා දෙන SSW ( Specified Skilled Worker) Visa ව්‍යාපෘතිය මගින් ජපන් සිහින සැබෑ කරගැනීමට වෙරදරණ ඔබට කදිම අවස්ථාවක් උදාවී ඇති අතර ඒ සඳහා ඔබ කළයුතු වන්නේ අප්‍රේල් 20 සහ 21 දෙදින මන්නාරම නගරසභා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන…

Read More

බදාදාට ජල කප්පාදුවක්

සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් අප්‍රේල් 24 වන බදාදා පෙ.ව 8.30 සිට ප.ව 8.30 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල පැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා- ඇල, කටුනායක/ සීදූව නගර සභා බල ප්‍රදේශයටත්, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා – ඇල, කටාන,…

Read More

සිරිල් ගාමිණි පියතුමන් CIDයට කැඳවයි

සිරිල් ගාමිණි පියතුමන් අද (19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් මෙලෙස කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

Read More

සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට තීරණයක්

සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට කිරීමට තීරණය කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව කොළඹ ගොල්ෆේස් ප්‍රදේශය, අලුත්කඩේ උසාවිය ප්‍රදේශය, බේරුවල, බෙන්තොට, හික්කඩුව, ගාල්ල, ඇල්ල යන ප්‍රදේශවල රාත්‍රී කාලයේ වැටලීම් සිදු කරන බවයි එහි අධ්‍යක්ෂක වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ සංජය ඉරසිංහ සඳහන් කළේ. වැඩි මිලට ආහාර විකිණීම් සහ සංචාරකයින් අපහසුතාවට…

Read More

ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට පසුගියදා ප්‍රහාරයක් දියත් කළ අතර එයට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වෙන්නේ. මේ අතර ඉරානය ටෙහෙරාන්, ඉස්ෆහාන් සහ ෂිරාස් ගුවන් තොටුපල ඇතුළු ප්‍රදේශ කිහිපයක ගුවන් ගමන් අත්හිටුවා ඇති…

Read More

අප්‍රේල් පළමු දින 15 තුළ සංචාරකයින් 82,000 ක් දිවයිනට

2024 අප්‍රේල් පළමු දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 82,531 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 718,315 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ. ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව වැඩිම සංචාරකයින්…

Read More